විවාහයෙන් පසුව මුම්බායිහිදි පැපරාසින්ට කොටු වු කත්‍රිනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය මධුසමය ගත කිරිමෙන් අනතුරුව නැවතත් මුම්බායි නගරයට පැමිණි කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනා මුම්බායි ගුවන් තොටුපළේදී පැපරාසින්ට හසුව තිබේ. කෙසේ වෙතත්, විනාඩි කිහිපයක් මාධ්‍යවේදින්ට හිතේ හැටියට ඡයාරූප ගැනිමට අවස්ථාව ලබාදුන් කත්‍රිනා මෙන්ම විකිද සියලු මාධ්‍යයටන්ට සිය කෘතවේදිත්වයද පුද කරන්නට අමතක කර නොකර තිබුණ බව සඳහන් වෙයි.

මේ දින කත්‍රිනා රෝස පැහැති සල්වාරියකින්ද විකි බටර් පාටට හුරු කමිසයක් හා දුඹුරු පාට දිග කලිසමකින්ද සැරසි සිටියහ. වාර්තා වන අන්දමට කත්‍රිනා හා විකි දෙදෙනා සිය විවාහයෙන් පසුව ප්‍රසිද්ධියේ ඡායාරූපවලට පෙනි සිටි පළමු අවස්ථාව මෙය වෙයි.