වූල්වරින් චරිතය හරහා නැවතත් හියූ ජැක්මන් සිනමාවට
2017 වසරේ ප්‍රදර්ශනය වූ ‘ලෝගන්’ චිත්‍රපටය තුළ ‘වූල්වරින්ට’ පණ පෙවූ සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන් ඉන් පසුව එම චරිතයෙන් ඉවත් වුණ බවට තොරතුරු වාර්තා විය. ඒ එම චිත්‍රපටය තුළදී ‘වූල්වරින්’ චරිතය මියයාම හේතුවෙනි.
කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර ‘මාවල්’ චිත්‍රපට සමාගම ප්‍රසිද්ධ කරනු ලැබුවේ හියූ ජැක්මන් නැවතත් ‘වූල්වරින්’ ලෙස ‘මාවල්’ චිත්‍රපටයක දකින්නට ලැබෙන බවය. ඒ ලබන වසරේ නිකුත් වීමට නියමිත ‘ඩෙඩ්ෆුල්’ තුන්වැනි චිත්‍රපටය තුළිනි.