විල් ස්මිත්ගේ නිෂ්පාදනයක් අතරමඟ නවතා දමයි
ජනප්රිය හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත් නිෂ්පාදනය කරන ඔහුගේ අලුත්ම චිත්රපටය Emancipation මේ වනවිට නවතා දමා තිබෙන බව වාර්තා වෙයි. ඒ එරට අධිකරණය මඟින් දුන් නඩු තින්දුවක් නිසාවෙනි. ඇන්ටොයින් ෆුක්ව විසින් අධ්යක්ෂණය කරන මෙම චිත්රපටය අවසන් වරට ඇමෙරිකාවේ ලුසියානා හි ඇපල් චිත්රගාරයේ රූපගත කරමින් තිබුණි.
2022 වසරේ ප්රදර්ශනය කිරිමට නියමිතව ඇති මෙම චිත්රපටයේ ප්රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේද නිෂ්පාදක විල් ස්මිත් බව සඳහන් වෙයි. ඔහුගේම තවත් චිත්රපට නිෂ්පාදනයක් වන ‘කිං රිචර්ඩ්’ චිත්රපටය මේ වසරේ නොවැම්බර් 18 වැනිද ප්රදර්ශනය වීමටද නියමිතව ඇත.