‘වරිසු’ චිත්රපටය භාෂා කිහිපයකින්ම හඬකවයි
ලබන වසරේ ජනවාරි 12 වැනිදා ඉන්දියාව පුරා ප්රදර්ශනය කිරිමට නියමිත තලපති විජේගේ වරිසු චිත්රපටය භාෂා කිහිපයකින්ම හඬකවා ප්රදර්ශනය කරන්නට මේ වනවිට නිෂ්පාදකයින් සැළසුම් කර තිබේ.
ඒ අනුව දමිල භාෂාවට අමතරව, හින්දි, තෙළෙඟු, මලයාලම්, කන්නඩ හා ඉංග්රිසි භාෂා වලින් මෙම චිත්රපටය හඬකවා ඇත. විජේ සමගින් මෙහි රශ්මිකා මන්දනා ප්රධාන චරිත නිරූපණය කරනු ලබයි. එමෙන්ම ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නළු සිලම්බරසන් මෙහි ගීතයක්ද ගායනා කර තිබේ.