වරුන් උපන් දිනය ගත කළ හැටි
වරුන් ධාවාන් ගේ උපන් දිනය යෙදෙන්නේ අප්‍රේල් 24 දාටය. මේ දිනවල ඔහු නිතේෂ් තිවාරි ගේ බවාල් චිත්‍රපටියේ රඟ පාමින් සිටින්නේය. උපන් දිනය දාත් ඔහු උදේ පහ හමාරට අවදි වූයේ දර්ශන තලයට යාම සඳහාය. එම විශේෂිත දිනයේත් වැඩ කරන්නට සිදු වීම ගැන තමා බොහෝ සෙයින් සතුටු වූ බැව් ඔහු සඳහන් කර තිබිණි. ඔහු සිය බඩු බාහිරාදිය තබා ඇති වෑන් රියට නඟිද්දී එය මෙටලික් බැලුන්වලින් සරසා අලංකාර කර තිබිණි.
“උපන් දිනය වෙනුවෙන්ම කැප වෙලා ඉන්න මේ මගෙ දාසය වෙනි උපන් දිනය නෙමෙයිනෙ.. අද දවසේ වැඩ කරන්න ලැබිම මට සතුටක්.. පහු ගිය උපන් දින දෙකේදීම මම හිටියෙ ගෙදර.. කෙහොමත් 2022 මට විශේෂ අවුරුද්දක්..”
වෑන් රියේ සිට ගන්නා ලද ඡායාරූපයක් සහිතව ඔහු සිය ට්විටර් අවකාශයේ පළ කර තිබිණි. ඒ ගෙවී ගියේ ඔහුගේ 35 වන උපන් දිනයයි.
ඔහු ජාන්වි කපූර් සමඟ පළමු වතාවට රඟ පාන්නේ බවාල් චිත්රපටියේය. එය 2023 අප්‍රේල් 7 දා තිරගත වෙන්නට නියමිතය. ඔහු අනිල් කපූර්, නීතු කපූර්, කියාරා අද්වානි සමඟ රඟ පාන ජග් ජුග් ජීයෝ චිත්‍රපටියේ කටයුතු මේ වන විට හමාර කර තිබේ. පවුලේ චිත්‍රපටියක් වන මෙය ජූලි 22 දා තිරගත වෙනවා ඇත. ක්‍රිති සැනොන් සමඟ වරුන් රඟ පාන බේඩියා චිත්‍රපටිය හොරර් කොමඩි ගණයට අයත් එකකි. එය නොවැම්බර් 25 දා සිට තිරගත වන්නේය.