වාර්තා පිට වාර්තා තබන ෂාරුක්ගේ පතාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ලෝකය පුරාම වඩාත් සාර්ථකව ප්‍රදර්ශනය වන සිද්ධාර්ත් ආනන්ද්ගේ පතාන් චිත්‍රපටය පසුගිය ජනවාරි 30 වැනිදාට සිය උපයා ගැනීමට ඉන්දීයට රුපියල් කෝටි 500 සීමාව ඉක්මවා යන්නට සමත් විය.  එය ඉන්දීය චිත්‍රපටයක් ඉතා කෙටි කාලයක් තුළදී උපයාගත් ඉහළම මුදල ලෙස වාර්තා අතරට එක් විය.

පතාන් චිත්‍රපටයට මෙම මුදල් උපයා ගැනීමට ගත ව ඇත්තේ දින පහක් පමණක් වන අතර, ඔවුන් සිය මුල්ම ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්මවා ගියේ පැය 23කදී බව සඳහන් වෙයි. එය ඉන්දීය චිත්‍රපටයක් ඉතා කෙටි කාලයක් තුළදී රුපියල් කෝටි සියයක සිමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ලෙස සිනමා ඉතිහාසයට එකතු වෙයි. පසුගිය වසරේ RRR, බ්‍රහ්මාස්ත්‍රා, KGF චිත්‍රපට විසින් තබා තිබු සියලුම වාර්තා පතාන් චිත්‍රපටය විසින් මේ කෙටි කාලය තුළදී බිඳ දමන්නටද සමත්වීම විශේෂත්වයකි.