විරාත් කෝලිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා අත්අඩංගුවට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ මෙම පුද්ගලයා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ උරණ වූ ප්‍රේක්ෂකයෙක් විසින් මෙම තර්ජනය සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා යි.
මෙලෙස මුම්බායි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති අයෙකු බවට තොරතුරු වාර්තා වනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ තර්ජනය සිදුකිරීමත් සමඟ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලොවපුරා විශාල කතාබහක් ඇතිවූවා.
ඔහු පාකිස්තාන ජාතිකයෙකු ලෙස තම ට්විටර් ගිණුමේ අදාළ සටහන යොදා තිබුනා.
ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්දීය පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.