වානි කපූර්ට ලැබුණ අපුරු උපන්දින තැග්ග මොකක්ද
මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘ශම්ෂේරා’ චිත්‍රපටයේ සෝනාගේ චරිතයට පණ පොවන සුරූපි බොලිවුඩ් සිනමා නිළි වානි කපූර්ට පසුගිය අගෝස්තු 23 වැනිදාට වයස අවුරුදු 33ක් ලැබීය. සිය උපන්දිනදා වානි තම සමාජ පිටු යවත්කාලීන කරමින් පවසා තිබුණේ තමන්ට උපන්දිනදා අපුරු තැග්ගක් හිමිවුණ බවය.
ඇය ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ තමන්ගේ සිනමා දිවියේ තමන්ට ලැබුණ සුපිරිතම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සිය උපන්දිනදා ආරම්භ වූ බවය. චිත්‍රපටය පිළිබඳව වැඩිදුර අදහසක් වානි සඳහන් නොකළද එය ඉහළ නිෂ්පාදන පිරිවැයක් මෙන්ම සුපිරි තම නළුනිළියන් රැසකගේ දායකත්වයෙන් තැනෙන සිනමා නිර්මාණයක් බව ඇය පවසා තිබේ.