වානි කපූර් සිය තිස් පස් වැනි උපන්දිනය සමරයි
කිසිදා තම උපන්දිනය උත්සවශ්රියෙන් නොසමරණ ඉන්දීය සිනමා නිළි වානි කපූර් මෙවර සිය මිතුරන් සමග ඩුබායි නගරයට ගොස් උපන්දිනය සමරන්නට කටයුතු කර තිබුණ බව සඳහන් වෙයි. ඇය සමගින් ඇගේ සමීපතම මිතුරියන් වන ආකාන්ෂා, අනුෂ්කා රන්ජන් සහ රාෂි ඛන්නා ඩුබායි නගරයට පැමිණ තිබුණි.
දින තුනක් ඩුබායි හි ගත කරනු ලැබු මොවුන් අති සුඛෝපභෝගි නිවාඩු නිකේතනවල නවාතැන් ගෙන තිබුණ බව වාර්තා වෙයි. එමෙන්ම වානි නිතරම ඇයගේ මිතුරියන් සමග සාප්පු සවාරියේ යන ඡායාරූප රැසක්ද තම ඉන්ස්ටර්ග්රැම්ස් ගිණුමට එකතු කර තිබෙනු දක්නට ලැබුණි.