වන ආරක්ෂකයින් වෙනුවෙන් ලක්ෂ 40ක මුදලක් ඩියාගේ ගාණේ..
මේ වනවිට එක් දරු මවක් වන සිනමා නිළි ඩියා මිස්රා තවත් නොබෝ දිනකනි සිය 40 වැනි උපන්දිනය සැමරිමට සූදනමින් සිටියි. ඒ වෙනුවෙන් සිනමා නිළිය අපුරු සත්කාරයකට අතගසා ඇති අතර, ඒ ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මිය ගිය වන ආරක්ෂක නිලධාරින්වල පවුල් වලට මුදලින් රුපියල් ලක්ෂ 40ක මුදලක් පරිත්‍යාග කිරිමට ඇය කැමැත්ත දක්වා තිබිමිය.
නිරන්තරයෙන්ම පරිසරය වෙනුවෙන් කැපවෙන සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ ඩියා මිස්රා මෙම සත්කාරකයට දායක වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත. ඇය පවසන්නේ තම උපන්දිනය වෙනුවෙන් මෙවැනි දෙයක් කිරිමට හැකි වීම සතුටට කරුණක් බවය.