විජේ දේවර්කොන්ඩාට කෝටි 20ක මුදලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘අර්ජූන් රෙඩ්ඩි’ තෙළෙඟු චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය සිනමා තරුවක් බවට පත් වූ විජේ දේවර්කොන්ඩා මේ වනවිට තම පළමු බොලිවුඩ් චිත්‍රපටය හරහා සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. ඒ පූරි ජගන්නාදන් විසින් අධ්‍යක්ෂණය කරන ‘ලීගර්’ චිත්‍රපටය හරහාය.

මෙහි ඔහු ජනප්‍රිය යොවුන් සිනමා නිළි අනන්යා පාණ්ඩේ හා ඇමෙරිකානු බොක්සිං තරුවක් වූ මයික් ටයිසන් සමගින් රංගනයෙන් දායක වෙයි. වාර්තා වන අන්දමට විජේට මෙම චිත්‍රපටයේ රඟපෑමට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් ගෙවා ඇත.  එමෙන්ම චිත්‍රපටය ලාභ ලැබුවහොත් ඉන් කොටසක්ද ඔහුට ගෙවිමට චිත්‍රපට නිෂ්පාදකවරුන් එකඟ වි තිබේ.