‘වික්‍රම්වෙදා’ ප්‍රචාරක කටයුතුවලට රිතික්ගේ හිටපු බිරිඳත් මැදිහත් වෙයි
සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘වික්‍රම්වෙදා’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ පළමු දිනයේදිම ඉන්දීය රුපියල් කෝටි 12ක මුදලක් උපයාගන්නට සමත් විය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවන රිතික් රෝෂන්ගේ හිටපු බිරිඳ සුහානා ඛාන්ද මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා තම සමාජ පිටු භාවිතා කරමින් සිටින අතර, චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් මෙන්ම ප්‍රචාරක විඩියෝපටද ඇය විසින් මෙහි බෙදාගෙන තිබෙනු දක්නට ලැබේ. එමෙන්ම මෙම ප්‍රචාරක කටයුතු සිදු කිරිමේදී ඇය සායිෆ් අලි ඛාන්ගේ නොවන සමාජ පිටු කිහිපයක්ද උපයෝගි කරගෙන තිබිම හේතුවෙන් අකරතැබ්බයකටද මුහුණ දෙන්නටද සිදුවු බව දැන ගැනීමට ලැබේ.