විකි, කත්රිනා නව වසර සමරන්න අලිබාග් නගරයට ගිහින්
බොලිවුඩයේ ජනප්‍රිය අඹුසැමි යුවළක් වන විකී කෞශාල් හා කත්රිනා කයිෆ් සමග නව වසර සැමරීම සඳහා අලිබාග් නගරයට ගොස් තිබුණි. ඊට විකිගේ එකම සහෝදරය වූ සනී කෞශාල්ද ඔහුගේ පෙම්වතිය ලෙස සැක කෙරෙන ටෙලි නාට්‍යය නිළි ශර්වාරි වාග්ද මෙම ගමනට එකතු වී සිටියහ.
නිරන්තරයෙන්ම සිය බිරිඳ කත්රිනාගේ අවධානය දිනාගන්නට කැමති විකී කෞශාල් නව වසර උදාවත් සමග කත්රිනා කයිෆ් සමගින් නටමින් විනෝද වෙන විඩියෝවක් සිය සමාජ පිටු අතරේ අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඊට සමගාමිව ඔහුගේ සහෝදරයාද සිය පෙම්වතිය සමගින් පසකින් නටන අයුරු මෙම විඩියෝව තුළ අන්තර්ගත වී ඇත.