ලෝකයේම අවදානය දිනාගනිමින් ශාරුක්ගේ පුතුට ඇප වූ හොඳම මිතුරිය ජුහී චවුලා
මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ෂාරුක් සමඟ චිත්‍රපට රැසක ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලාය.
ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ 29 දිනයේය.
ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියකි.ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීයහ මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය.