ලෝකෙම පිස්සු වට්ටන SQUID GAME



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටීවී සීරිස් එකක් නිසා මේ දවස්වල ලෝකයම උමතුවෙලා. මේ වෙලාවේ ලෝකය අලුත්ම Y Trend එක්ක squid game කියන්නේ. අපි Trend හැදෙන විදිහ ගැන කාලෙකට කලින් කතාකළා. ඇත්තටම මචෝ Film එකක් TV series එකක් පදනම් කරගෙනත් ලෝකෙට හැදෙන්න පුළුවන්. එහෙම හැදුණු අවස්ථාත් අපිට හම්බ වෙනවා. නමුත් මේ අවස්ථාව හරිම සුවිශේෂී. සුදාලාට අද කතාවෙදී ඒක තේරෙයි.

අපි අද කතා කරන්නේ මේ TV Series එක වටා නිර්මාණය වුණු Trend ගැන. හරි කමක් නෑ කොහොම වුණත් TV Series ගැනත් පොඩ්ඩක් මුලින් පැහැදිලි කරන්නම්. තාමත් මේ ගැන නොදන්න අය ඉන්න පුළුවන් සුන්දරා. මේකෙ නම Squid Game. විශේෂම දේ තමයි මේක කොරියානු කතා මාලාවක්. Netflix එකෙන් තමයි මේක ලෝකෙ වටේ ජනප්‍රිය වුණේ. පහුගිය සැප්තැම්බර් 17 වැනිදා තමා නිල වශයෙන් එළිදැක්වුණේ. පළවෙනි සීසන් එක විතරයි තාම එළියට ඇවිල්ල තියෙන්නේ. විශ්වාස කරන්න මචෝ, මේ වෙලාව වෙද්දී squid game නිල වශයෙන් ටීවී නරඹපු ප්‍රමාණය මිලියන 120 ක ආසන්නයි. රටවල් 90ක විතර අංක එක වෙලා. ඇත්තටම මේක රෙකෝඩ් එකක්.

කතාව සම්පූර්ණයෙන් කියලා කුතුහලය නැති කරන්න බෑ. යම්තමින් කිව්වොත් මෙහෙමයි මචෝ. මේක deadly game එකක් ගැන නිර්මාණය වුණ කතාවක්. ඒ කියන්නේ පැරදුණොත් මරණ ජාතියේ ගේම් එකකට ස්ව කැමැත්තෙන් යන පිරිසක් ගැන කතාවක්. ධන කුවේරයෝ වගේ පිරිසක් ඒක නරඹලා සතුටු වෙනවා. ඔන්න අපේ බ්‍රෝලට, සිස්ලාට මේ වගේ තවත් චිත්‍රපටි එහෙම මතක් වෙයි. නමුත් ඒ හැම නිර්මාණයකටම වඩා වෙනස්ම දේවල් ටිකක් squid game තුළ තියෙනවා. මෙතනදී පාවිච්චි වෙන්නේ කොරියානු ළමයි කරන සාම්ප්‍රදායික ක්‍රීඩා සහ ඉතා සරල ක්‍රීඩා. පිටපත් තුළ චරිත හැසිරවීම එහෙම හරිම යුනික්.

කොහොමහරි මචෝ අපි මේ කතාව ගැන වැඩිපුර කියන්න යන්නේ නෑ. Netflix එකේ රෙකෝඩ් තියපු මේ කතාව ඔයාලට කැමතිනං බලන්න පුළුවන්. Y Trend එකේදී අපිට වැදගත් වෙන්නේ මේ කතා මාලාව හේතුවෙන් ලෝකෙ වටේ නිර්මාණය වෙච්ච Trends. සමහු කියන විදිහට විසි එක්වන සියවසේ කිසිම ටීවී සීරිස් එකක් නිසා මේ තරම් Trend ප්‍රමාණයක් නිර්මාණය වෙලා නෑ. තවත් සමහු කියන විදියට මේක දෙවැනි වෙන්නේ Knight Rider ට කතාමාලාවට විතරයි. ඉතිං දැන් බලමු Squid Game කතා මාලාව නිසා දැනට ලෝක නිර්මාණය වෙලා තියෙන Trends මොනවද කියලා. ඔක්කොම නම් කියන්න බෑ... මේ චුට්ටක් හරිය.

මේ වෙද්දී squid game කතා මාලාව පදනම් කරගෙන Mobile game, PC game  විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. Google play store එකේ විතරක් පොඩි පොඩි ගේම් දෙතුන් සීයක් තියනවා. ඒ වගේම ප්‍රසිද්ධ සමාගමක් ලොකු ගේම් එකක් හදන්න යනවා කියලත් ආරංචියි. Gaming සීන් එක කොච්චර දුණුද කියනවා නම් මචෝ මේ දවස්වල යූටියුබ් එකේ වැඩියෙන්ම Advertisement ප්‍රචාරය වෙන්නේ මේ කතාව පදනම කරගෙන නිර්මාණය වුණු Mini games ගැන. ඒ සමහර පොඩි ගේම් මිලියනයකට වඩා වැඩි පිරිසක් Download කරලා. ඉතින් මචෝ තේරෙනවනේ, මේක එසේ මෙසේ සීන් කෝන් එකක් නෙවෙයි.

TikTok එකෙත් මේක උමතුවක් වෙලා. මිලියන ගාණක් ටික්ටොක් වීඩියෝ තියෙනවා squid game ගැන හැදුන. #squidgame කියන hashtag එක යටතේ TikTok වීඩියෝව Views ප්‍රමාණය අපි හොයල බැලුවම. ඒ ගාණ ඇහුවම හීන් දාඩිය දායි වස්තුලාට. බිලියන 43 ක්. හරි හරි එකපාර විශ්වාස කරගන්න බැරි නම් සුදාලට පුළුවන් ගිහිල්ලම සර්ච් පාරක් දාන්න. යූටියුබ් එකේ තත්ත්වෙත් ඉතින් මේකම තමයි. ලෝකෙ වටේ ප්‍රධාන පෙළේ හැම You tuber කෙනෙක්ම මේ ගැන එපිසෝඩ් එකක් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක යූටියුබ් එකට ආක්‍රමණයක් වගේ. අපිට තේරෙන විදියට YouTube Videos වුණත් මිලියන ගාණක් තියෙනවා.
මේ කතා මාලාවේ බිස්කට් වර්ග කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන සම්පූර්ණ කියන්නේ නෑ. ඒ ගැන කියන්න ගියොත් කතාව කියන්න වෙනවා. හැබැයි මේ බිස්කට් ඒ හදන්න ලෝකෙ වටේ ගොඩක් දෙනෙක් ඕනවෙලා. ඒකත් මාර වැඩේ. squid game නිසා ලෝකයාට හැදුනු බිස්කට් උණ හරිම දුණුයි හරිය. මේ බිස්කට් හදන විදිය ගැන YouTube, TikTok Video මිලියන ගණනක් තියෙනවා. එක එක භාෂාවලින් එක එක රටවල අය තමා මේ විදිහට වීඩියෝ දාල තියෙන්නෙ. ඒ වගේම සමහු මේවා හදලා විකුණනවා.

මේ සීන්වලට අමතරව මේ කතා මාලාවේ භාවිතා කරන වෙස් මුහුණුත් දැන් අන්තර්ජාලය හරහා අලෙවි වෙනවා. ඒක වෙනම සීන් කෝන් එකක්. කතාවේ ඒවා වගේම සුපිරියට මේ වෙස්මුහුණු හදලා තියෙන්නවා සමහු. ඒ වල මිල ගණන් වගේම ඒ වලට තියෙන ඉල්ලුම ගැනත් සාමාන්‍යයෙන් අපිට හිතාගන්න අමාුයි මචෝ. ඇයි මිනිස්සු මේ වගේ මුදලක් දීලා මේ වගේ දෙයක් අරගන්නේ. පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔළුව මඤ්ඤං වෙන ලයින් එකක් තියෙන්නේ. වෙස්මුහුණුවලට නම් වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ ඇමෙරිකාව පැත්තෙන් කියලා තමයි කියවෙන්නේ.

තවත් මේ කතා මාලාවට අදාළ වෙළඳපොළේ අලෙවි වෙන දේවල් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම ගැන නම් කියන්න අමාුයි. කතාවේ එන මුහුණු, ලාංඡන ගහපු ටී ෂර්ට්, කලිසම් සෑහෙන්න තියෙනවා විකුණන්න. ඒ වගේම කතාවෙ චරිත අඳින ඇඳුම් පැළඳුම්වලට සමාන ඒවත් වෙළඳපොළේ තියෙනවා. ඊටත් අමතරව සපත්තු, සෙරප්පු, අත් ඔරලෝසු වගේ දේවලුත් සෑහෙන්න. විශේෂයෙන්ම ලාංඡන කිහිපයක් මේ කතා මාලාවේදී හරිම වැදගත්. ඒ නිසාම ඒ ලාංඡන සහිත වෙළඳ භාණ්ඩවලට මේ වෙනකොට විශාල ඉල්ලුමක් තියෙනවා E Market එකේ. උදාහරණයක් කියනවා නම් මචෝ කොවිඩ් මුහුණු ආවරණවල පවා දැන් මේ ලාංඡනය ගහලා ලොකු ගාණකට විකුණනවා.
කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න ඕන මේ කතා කතාමාලාව ලොකුම මාකටින් කැම්පේන් එකක් කරලා ප්‍රසිද්ධ කරපු එකක් නෙවෙයි කියලා. ප්‍රචණ්ඩත්වය වැඩියි කියලා ගොඩක් දෙනෙක් මේ පිටපත නිෂ්පාදනය කරන එක ප්‍රතික්ෂේප කරලා මුලදී. Netflix එකෙන් තමා අන්තිමට වැඩේ බාරගෙන තියෙන්නේ. පස්සේ මේක කතාව හොඳයි කියන දේ කටින් කට ගිහිල්ලා තමයි සීන් එක ජනප්‍රිය වුණේ. squid game ගැන මීම්ස් හැදිලා හිට්වෙලා යනකොට මේක නොබල ඉන්න ගොඩක් දෙනෙක්ට බැරිවුණා. දන්නවනේ සුදාලා ඔය වගේ දෙයක් වුණාම ඒ ගැන නොදන්න අය සමාජයෙන් කොන් වෙන ලයින් එකක් තමයි දැන් සමාජේ තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි අන්තිමට මුළු ලෝකෙම මේ කතාව බලලා ලයින් එකක් තමයි දැන් තියෙන්නේ.

හරි හරි දැනට ඇති. නවත්ත ගන්න අමාුයි මචෝ. අපිට මිස් දේවලුත් ගොඩක් ඇති. මේ වෙද්දී squid game ජනප්‍රිය වීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා සුදෝ. මානව වර්ගයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වයට කැමති වීම මේකට හේතුවක් කියලා සමහු කියනවා. ඒක නම් වෙනම විවාදයක් සුන්දරා. ඒ කොහොම වුණත් අමතක කරන්න බෑ. සුවිශේෂීම දේ මේක කොරියානු භාෂාවෙන් කතා කරන මේක කොරියානු කතාවක්. ඇත්තටම මේකට ලෝකයා පිස්සු වැටුණේ ඇයි?
මේ කතාව ගැන සිංහල Sinhala review එහෙමත් සැලකිය යුතු  ප්‍රමාණයක් YouTube එකේ තියනවා. අපේ විස්තර මදි වගේම නම් ඒවලින් ගලපගන්න. ජය වේවා. ලබන සතියේ හමුවෙමු.

චමිඳු නිසල්