රහමන්ගේ සජිවි ප්‍රසංගයකට කඩා පැන්න පුනේ පොලිසියි

  • 11-05-2023
  • Views 86

ඒ.ආර්.රහ්මන්ගේ මුලීකත්වයෙන් ඉන්දියාවේ පුනේ නගරයේ පැවැනි සජීවී ප්‍රසංගයක් හදිසියේම නවතා දමන්නට සිදුව ඇත. මැයි පළමු වැනිදා පැවති මෙම ප්‍රසංග මෙසේ හදිසියේම නවතා දමන්නට සිදුව තිබුණේ පුනේ පොලිස් නිලධාරින් කළ ඉල්ලීමකටය.

වාර්තා වන අන්දමට මෙම ප්‍රසංගය පැවැත්වීමට අවසර දී ඇත්තේ එදින රාත්‍රි 10 වන විට අතර, ප්‍රසංගය එම වෙලාවද නොතකා දිගින් දිගටම පවත්වා ඇත. පසුව පොලිස්  නිලධාරින් වේදිකාවට ගොඩ වී ප්‍රසංගය නවතා දමන්නට කටයුතු කර තිබුණි. ඔවුන් මෙම  ප්‍රසංගය නවත්වන අයුරු එම ප්‍රසංගය නරඹන්නට පැමිණි අයෙකු විසින් විඩියෝගත කර අන්තර්ජාලයටද මුදාහැර ඇත.