රසිකයින්ගේ ඉවසීම පරික්ෂා කරන රන්බිර් කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට සිය විවාහයට සූදානම් වන බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර් මෑතකදී එක්වූ සකාච්ඡාවකදී පවසා තිබුණේ තමන් මේ දිනවල සිය රසික, රසිකාවියන්ගේ ඉවසීම පරික්ෂා කරමින් සිටින බවය.

ඔහු ඒ බව පවසා තිබුණේ මෙම සාකච්ඡාවේදී වසර තුනක කාලයක් ඔහුගේ චිත්‍රපටයක් නිකුත් නොවීමට හේතු කවරෙක්දැයි විමසු අවස්ථාවේදීය. මගේ අන්තිම චිත්‍රපටය ‘සංජූ’ තිරගත වුණේ 2018 වසරේ. ඊට පස්සේ මගේ චිත්‍රපටයක් ආවේ නැහැ. නමුත්, මේ වනවිට මගේ චිත්‍රපට හතරක් නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ ගෙවුණු වසර තුන තුළදි මගේ චිත්‍රපටයක් නිකුත් නොවුණත් රසිකයෝ මා සමග හිටියා. මම හිතනවා ඔවුන් ඉවසීමෙන් ඉන්නවා මගේ චිත්‍රපටයක් නිකුත් වෙනතුරු යැයි රන්බිර් මෙහිදි පවසා තිබුණා.