රයන් රොනෝල්ඩ්ස් සිවුවැනි වරටත් පිය පදවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඩෙඩ්ෆුල්’ චිත්‍රපට චරිතයට පණ පොවන සුපිරි නළු රයන් රොනෝල්ඩ්ස් හා සිනමා නිළි බ්ලෙක් ලයිව්ලි සිවුවැනි වතාවටත් මාපියන් වීමට සූදානමින් සිටින බව පසුගියදා ප්‍රසිද්ධ කරනු ලැබීය. 2012 වසරේදී විවාහ වූ ඔවුන් දෙදෙනාට මේ වනවිට දියණියන් තිදෙනෙකු සිටිම විශේෂත්වයකි.

පළමු දියණිය ජේම්ස්ට වයස අවුරුදු හතක් වන අතර, දෙවැනි දියණිය ඉනේස්ට අවුරුදු 5ක් දැන් සපිරෙයි. තුන්වැනි දියණිය බෙටි මේ වනවිට වයස අවුරුදු දෙකක් දැරියකි. කෙසේ වෙතත්, මේ දියණියන් තිදෙනා තවමත් කිසිදු මාධ්‍යයකට ඇස ගැටි නොමැති බව සඳහන් වෙයි.