රූපගත කිරීමක් නිසා ජයිසල්මර් හිර ගෙදර සිටින ජැකි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා වැඩි දායකත්වයක් වර්තමානය වනවිට ලබා දෙන ජනප්‍රිය හින්දි සිනමා නළු ජැකි ෂෙරොෆ් මේ දිනවල ජයිසල්මර් බන්ධනාගාරයේ සිටින බව සඳහන් වෙයි. ඒ සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ ජෙලර්හි රූපගත කිරිම් කටයුතු සඳහාය.

ජැකි හා රාජිණි අවසන් වරට චිත්‍රපටයක එකට වැඩ කර ඇත්තේ මීට වසර තිහකට පෙර වීම විශේෂත්වයකි. ඒ හින්දි චිත්‍රපටයක් සඳහාය. වාර්තාවන අන්දමට ජැකි ෂෙරොෆ් ජේලර් චිත්‍රපටයේ පෙනි සිටින්නේ ප්‍රධාන දුෂ්ට චරිතයට බව සඳහන් වෙයි.