රන්විර්ට අමතක වුණ විවාහ සංවත්සරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිල්ලි නගරයේ සිදුවන ‘රොකි අවර් රාණි කි ප්‍රේම් කතා’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට හිර වි සිටින බොලිවුඩ් සිනමා නළු රන්විර් සිංට සිය තුන්වැනි විවාහ සංවත්සරය අමතක වී තිබුණ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, සිය බිරිඳ සිනමා නිළි දිපීකා පදුකෝනි දිල්ලි නගරයට පැමිණ ඔහු හා ‘රොකි අවර් රාණි කි ප්‍රේම් කතා’ චිත්‍රපට කණ්ඩායම සමගින් සිය තුන්වැනි විවාහ සංවත්සරය සමරා ඇත. වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා මෙම රූපගත කිරිම් අවසන් වූ වහාම ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි දේහාර්දුන් නගරය වෙත නිවාඩුවක් ගත කිරිම සඳහා යාමට සූදානමින් සිටින බවය.