රන්විර්ගේ අලුත්ම චිත්‍රපටය අන්තර්ජාලයට හොරෙන් දාලා
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්විර් සිං රංගනයෙන් දායක වූ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ඉහළම ගුණාත්මක පිටපතක් මේ වනවිට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි.
‘ජයෙෂ්බායි ජෝර්දාර්’ නම් රන්විර්ගේ අලුත්ම චිත්‍රපටය පසුගිය මැයි 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණි. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් කරන්නට පෙර ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලක් උපයගෙන තිබුණි.