රන්බිර්ගේ අලුත්ම චිත්රපටයේ මුල්ම පාඩුව කෝටි 1.5ක්
රන්බිර්, ආලියා, මවුනි, අමිතාබ්, නාගර්ජුන්, ඩිම්පල් ඇතුළු ජනප්රිය නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙන අයන් මුඛර්ජිගේ ‘බ්රහ්මාස්ත්රා’ චිත්රපටයේ ප්රචාරක කටයුත්තක් මීට දින කිහිපයකට පෙර මුම්බායි නගරයේදි පවත්වන්නට සැළසුම් කර තිබුණි. මෙම වැඩසටහනට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමු RRR චිත්රපටයේ ප්රධන චරිත නිරූපණය කළ ජුනියර් NTR හා එම චිත්රපටය අධ්යක්ෂණය කළ රාජ්මෞලීද සහභාගි වී සිටියහ.
එහෙත්, මෙම ප්රචාරක කටයුත්ත නැරඹිමට අති විශාල ජනකායක් පැමිණිමත් සමග මුම්බායි පොලිසිය විසින් මෙම ප්රචාරක වැඩසටහන අත් හිටුවන්නට කටයුතු කර තිබුණි. මෙම වැඩසටහන අවලංගු කිරිම නිසාවෙන් නිෂ්පාදකයින්ට ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලක් පාඩු වු බවද වාර්තා වෙයි.