රංඩු වෙවි හිටපු ෂාරුක් ඇවිල්ලා පාටියේ දී වෙච්ච දේ මෙන්න! බොලිවුඩ් කැළඹූ අලුත් ම ප්‍රවෘත්තිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දිනෙක 57 වැනි උපන්දිනය සැමරූ බොලිවුඩයේ දැවැන්තයා සල්මන් ඛාන් සිය පවුලේ අය වෙනුවෙන් සහ ක්ෂේත්‍රයේ හිතවත්ම පිරිසක් වෙනුවෙන් සාදයක් සුදානම් කර තිබුණා.

මෙම සාදයට බොලිවුඩ් පුරවරයේ ආදරණීය චරිත බොහෝමයක් එකතු වෙලා හිටියා.

සල්මන් සාදයේ දී නළු නිළියන් වැළඳගන්නා ඡායාරූප බොහෝමයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වනවා.

ඒ අතරින් විශේෂතම ඡායාරූපය තමයි සල්මන්, ෂාරුක්ව වැළඳගන්න ඡායාරූපය.

1998 තිරගත වූ "කුච් කුච් හෝතා හේයි" චිත්‍රපටයේ ආරාධිත චරිතයක් සිදු කළ සල්මන්, අනතුරුව 1995 දී ප්‍රකට චිත්‍රපටයක විශේෂ චරිත රංගනයක යෙදුණා.

කොහොම වුණත්, කත්‍රිනා කයිෆ්ගේ උපන්දින සාදයකදී ඇති වූ ආරවුලක් නිසා මේ දෙන්නා අතර හිත් අමනාපකමක් ඇති වනවා.

ඒ වන විට කත්‍රිනා සහ සල්මන් අතර තිබූ පෙම් හුටපටය ද බොලිවුඩයට රහසක් වූයේ නැහැ.

එදින උපන්දින සාදයේ දී ලැජ්ජාසහගත ලෙස හැසිරුණු සල්මන් සමඟ කත්‍රිනා ද පසුව අමනාප වුණා.

කොහොම වුණත් බොලිවුඩ් පුරවරයේ පිරිස් සල්මන්ව හඳුන්වන්නෙත් "නාහෙට අහන එකෙක් නෙවෙයි" කියලයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.