රට හැදෙන තුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“2019 දී මම චිත්‍රපටි තුනක රඟ පෑවා.. ඒත් 2020 ලොක් ඩවුන් එක හින්දා ඒවා තිරගත වෙන දවස් කල් ගියා.. මේ තහංචි ඉවත් වෙලා සිනමා ශාලා විවෘත කළත් තියෙන තත්වය මත චිත්‍රපටි නරඹන්නට ප්‍රේක්ෂකයන් එකතු වෙයි ද කියන ප්‍රශ්නෙ තියෙනවා..  ඒ වගේම මුල් පෙළේ නළුනිළියන් රඟ පාන, විශාල මුදලක් වැය කරලා හදපු චිත්‍රපටි මුලින්ම ප්‍රදර්ශනය වේවි..  සාමාන්‍ය අයවැයක් සහිත චිත්‍රපටි නිෂ්පාදනය කරපු පිරිස ඒ වගේම දෛනික ආදායම් ලබපු තාක්ෂණික කණ්ඩායම් වගේ අය බරපතල ආර්ථික අර්බුදයකට මූණ දීලා ඉන්නෙ..”
එසේ කියන්නේ උත්තරන්, කුම්කුම් භාග්‍යා වැනි ටෙලි නාට්‍යවල ද, කැලැන්ඩර් ගර්ල්ස්, පෝස්ටර් බෝයිස්, හේ රාම් හම්නේ ගාන්ධි කෝ මාර් දියා වැනි චිත්‍රපටිවල ද රඟ පෑ සමික්ෂා භාත්නගර්ය. මේ පවතින වසංගත තත්වය මත ඉදිරියේදී චිත්‍රපටි නිෂ්පාදන කටයුතු කෙරෙන කාලයක් ගැන නිශ්චිතව කියන්නට පුළුවන්කමක් නැත. නවක ශිල්පීන්ගේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතය. 
“ප්‍රොජෙක්ටර් ආයෙමත් කවදා ක්‍රියාකාරී වෙයි ද කියලා අනාවැකි කියන්න කාටවත් පුළුවන්කමක් නෑ.. ඒත් රිදී තිරයට තියෙන ආකර්ෂණය කවදාවත් අතුරුදහන් වෙන එකක් නැති වෙයි..”
ඇය කියන්නීය. 
 


More In Hot Story