රාජිණීගේ පැරණි චිත්‍රපටයක් යළීත් ප්‍රදර්ශනය කරයි
2002 වසරේ අගෝස්තු 15 වැනිදා තිරගත වූ සුරේෂ් කිෂ්ණන්ගේ ‘බබා’ චිත්‍රපටය නැවත වරක් ප්‍රදර්ශනය කිරීමට මේ දිනවල සූදානම් කරමින් සිටියි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ රාජිණිකාන්ත් යළිත් වරක් මෙහි දෙබස් අලුතින් හඬකවන බවත්, මේ දිනවල ඔහු ඊට යොමුව සිටින බවත් දැන ගැනීමට ලැබේ.
රාජිණිකන්ත් සමගින් මනිෂා කොයිරාළ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, මෙම ‘බබා’ චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී අසාර්ථක එකකි. සිය වියදම් මුදල හෝ සොයා ගැනිමට නොහැකි වූ මෙම චිත්‍රපටය නැවත වරක් මෙසේ ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇත්තේ රාජිණිගේ ඉල්ලීමක් නිසාවෙන් බව සඳහන් වෙයි.