රාජ්කුමාර්ගේ වියෝව දරාගත නොහැකිව රසිකයින් තිදෙනෙක් අවසන් ගමන් ගිහින්
කන්නඩ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හැඳින්වෙන සුපිරි නළු, පූනීත් රාජකුමාර් ඊයේ දිනයේ හදිසි හෘදයාබාධයක් නිසා මරු වැළඳගත්තා.
ඔහුගේ වියෝව රසිකයින් බොහෝ දෙනෙක් කම්පාවට පත් කළ අතර, ඒ හේතුව නිසාම කිහිප දෙනෙකු කම්පනය දරා ගත නොහැකි ව අවසන් ගමන් ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රාහුල් නම් 21 හැවිරිදි තරුණයා, රාජ්කුමාර්ගේ වියෝව හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම රාජ්කුමාර්ගේ තවත් රසිකයින් දෙදෙනෙක් හෘදයාබාධ වැළඳී මියගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.