රාජ් කුන්ද්‍රාට ඇප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු ගියදා ඇප මත නිදහස් වූයේය. ඔහුගේ බිරිඳ ශිල්පා ෂෙට්ටි මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියාය. ඔහු ඇප මත නිදහස් වූ පසුව වුව ද ඇය සිය ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. රාජ් කුන්ද්‍රා බන්ධනාගාරගතව සිටියදී ඇය සිය වෙබ් අඩවියේ විවිධ සටහන් තැබුවාය. ඒ හැම එකක්ම සුබවාදීව ජීවිතය දෙස බලන්නට දිරි දෙන උපුටා ගැනීම් වූයේය. 
“කවදාවත් පැමිණිලි කරන්න එපා.. කවදාවත් හේතු දක්වන්න එපා..” තමාගේ දර්ශනය එය බැව් ඇය වරක් සඳහන් කර තිබිණි. 
“දුක් වෙන්න ඔබේ ශක්තිය වැය කරන්න එපා.. විශ්වාසය, නිර්මාණශීලිත්වය වර්ධනය කර ගන්න, සිත් වේදනා සුව කර ගන්න ශක්තිය වැය කරන්න..” 
ඇගේ තවත් සටහනක වූයේ එසේය. 
හොඳ සිතුවිල්ලකින් අරඹන දවස සැහැල්ලුවෙන් ගෙවී යන බැව් ඇගේ විශ්වාසයයි. තමා යෝග ව්‍යායාම වලින් දවස අරඹන්නේ එම නිසා බැව් ද ඇය කියා තිබිණි. 
“කිසිම කෙනෙකුට ආපහු ගිහින් අලුත් තීරණ ගන්න පුළුවන්කමක් නෑ.. ඒත් ඕනම කෙනෙකුට දැන් අලුතෙන් පටන් අරන් නැවුම් අවසානයකට යන්න පුළුවන්.. අපි තමන් ගත්ත නරක  තීරණ, කරපු වැරදි, හිතවතුන්ට කළ රිදවීම් විශ්ලේෂණය කරන්න ලොකු කාලයක් කැප කරනවා.. අනේ අපි මේක නොකළානම් කියලා පසුතැවිලි වෙනවා.. ඒත් ඒකෙන් කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ..” ලේඛක කාර්ල් බාර්ඩ් ගේ ඒ අදහස ද ඇය උපුටා දක්වා තිබිණි.
“දේදුන්නකින් කියවෙන්නෙ දරුණු කුණාටුවකට  පස්සේ සුන්දර දේවල් සිද්ද වෙන්න පුළුවන් කියලා..”
රාජ් කුන්ද්‍රාට ඇප ලැබී ටික වේලාවකට පසුව සිය ඉන්ස්ටග්‍රෑම් අඩවියේ ශිල්පා විසින් සටහන් කරනු ලැබ තිබිණි. 
රාජ් කඳුළු පිරුණ ඇස්වලින් යුතුව නිවසට පැමිණි විට ශිල්පා කියා තිබුණේ චීන මහා දාර්ශනික කොන්පියුසියස් ගේ කියමනකි . “අප දක්ෂ විය යුත්තේ නොවැටී සිටීමට නොව වැටුණ හැම විටම නැගිටීමටය”
“අපි බිමටම ඇද වැටෙන වෙලාවල් එනවා.. ඒත් හත් සැරයක් බිම වැටෙනකොට අපි අට සැරයක් ආපහු නැගිටින්න ඕන.. ඒක ලේසි දෙයක් නෙමෙයි.. ඒකට ලොකු ධෛර්යයක් ඕන කරනවා.. ඒත් ඒක තමයි ජීවිතේ කියන්නෙ..” ඇය කියන්නීය.



More In Hot Story