යළිත් කිසිදා විවාහ වෙන්නේ නැති සුස්මිතා සෙන්
ලලිත් මෝදි සමග සිනමා නිළි සුස්මිතා සෙන් විවාහ වූ බවට විවිධ කට කතා මේ දිනවල ඉන්දීය මාධ්‍යය පුරා ප්‍රචාරය වෙමින් පවති. එහෙත්, මේ සියලු කට කතාවලට ප්‍රතිචාර දක්වමින් සුස්මිතා පවසන්නේ තමන් ලලිත් මෝදි සමගින් සම්බන්ධතාවයක් පැවැත්වූ නමුදු දැන් ඒ සියලු දේ අවසන් වී ඇති බවය.
එමෙන්ම සුස්මිතා පවසන්නේ තමන් යළිත් කිසිදා විවාහයක් ගැන නොසිතන බවය. තම දරුවන් අනාගතය සුබවාදි කරන්නට අදහස් කරමින් සිටින නිසාවෙන් තමන්ගේ පෞද්ගලික ජිවිතය ගැන සිතන එක තමන් අත්හැරි බව ඇය වැඩිදුරටත් පවසා ඇත.