යහළුකම නිසා ප්‍රදර්ශන දිනය සල්මාන් අවලංගු කරයි
අජේ දේව්ගන් කළ ඉල්ලිමක් මත සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රදර්ශන දිනය කල් දමා තිබෙන බව සඳහන් වෙයි. සල්මාන් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘කබි ඊද් කබි දිවාලි’ චිත්‍රපටය අප්‍රේල් මාසයේ මැද සතියේදි ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර තිබුණි.
කෙසේ වෙතත්, සල්මාන්ගේ සමිපතම මිතුරෙකු වු අජේ දේව්ගන් කළ ඉල්ලීමකදී සල්මාන් සිය තිරණය වෙනස් කරගෙන ඇත. එයට හේතුව නම් අජේ දේව්ගන් විසින් අධ්‍යක්ෂණය කළ ‘රන්වෙයි 34’ චිත්‍රපටය සල්මාන්ගේ අලුත්ම චිත්‍රපටයට පසුව ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබිම හේතුවෙනි. ඒ අප්‍රේල් 25 වැනිදාය. මේ වනවිට සල්මාන් සිය ‘කබි ඊද් කබි දිවාලි’ දෙසැම්බර් මාසය තෙක් කල් දමා ඇත.