මහේන්ද්‍ර සිං දෝණි චිත්‍රපට නිෂ්පාදනයට අතගසයි
මේ වනවිට පැවැත්වෙන ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියෙන් පසුව මුළුමුණින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට තිරණය කර ඇති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එකතු වීමට බලාපොරෙත්තුවෙන් සිටින බව සඳහන් වෙයි.
දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙන්නේ නයනතාරා රංගනයෙන් දායක වෙන දමිල චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් බව සඳහන් වෙයි. මෙවර ‘චෙන්නයි සුපර් කිංග්ස්’ තේමා ගිතය නිර්මාණය කරන ලද්දේ නයනතාරාගේ පෙම්වතා වන විග්නේෂ් ශිවන් වන අතර, ඔහු සමග කළ කතාබහකින් පසුව දෝණි මෙසේ චිත්‍රපට නිෂ්පාදනයට එකතුවිමට කැමැත්ත පළ කර තිබෙන බව දැනගැනීමට ලැබේ.