මාස දෙකකට පෙර මවක් වූ කාජල් නැවතත් මවක් වෙලාද

  • 01-05-2023
  • Views 140

කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් කිව්ලු සමගින් විවාහ වූ දකුණු ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රවාල් මීට මාස දෙකකට පෙර සිය පවුලේ අලුත්ම සාමාජිකයා වූ නීල් පිළිගත්තේය. මේ වනවිට සිය සුපුරුදු සිනමා රාජකාරියේ යෙදි සිටින කාජල් පසුගියදා නැවතත් ගැබිණියකින් පෙනී සිටින ඡායාරූපයක් සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර ඇත.

බොහෝ දෙනෙකු අනුමාන කරනු ලැබුවේ කාජල් නැවත වරක් ගැබිගෙන ඇති බවය. එහෙත්, ඇය විසින් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කර ඇත්තේ ඇය ගැබිණියක්ව සිටි කාලයේදී ගත් ඡායාරූප එකතුවකින් බව ඇය පවසා තිබේ. එම ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට ඇය මෙවැනි කෙටි පණිවිඩයක්ද තබා තිබුණි.

සෑම උදෑසනකම මට මගේ කුඩා දරුවා හැර දමා රැකියාවට යාමට සිදු වූ විට එය මගේ හදවත බිඳ දමයි, නමුත් ඇත්ත වශයෙන්ම, මම කරන දෙයට මම කැමතියි සහ මගේ දරුවා රැකියාවේ වැදගත්කම අවබෝධ කරගෙන වැඩෙනු ඇතැයි මට විශ්වාසයි,"