‘මිෂන් මජ්නූ’ චිත්‍රපටයෙන් පසුව රශ්මිකා ‘ගුඩ් බායි’ වැඩ අරඹයි
දකුණු ඉන්දිය සිනමාවෙන් තම සිනමා ගමන ආරම්භ කළ රශ්මිකා මන්දනා මේ වනවිට බොලිවුඩ් සිනමාවටද සම්බන්ධ වී සිටියි. ඇයගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වූ ‘මිෂන් මජ්නූ’ චිත්‍රපටයේ වැඩකටයුතු මේ වනවිට අවසන් වි තිබේ. එහි ඇය රංගනයෙන් දයක වෙන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගය.
රශ්මිකා සිය දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය සඳහාද දැනට එක්ව සිටින අතර, ඒ ‘ගුඩ් බායි’ චිත්‍රපටය වෙයි. පාකිස්තානය හා ඉන්දියාව අතර ඇති යුදගැටුම් පිළිබඳව ගේතුණ කතාවක් මෙහි ඇතුලත්ව තිබෙන අතර, මෙහි ඇය සමගින් අමිතාබ් බච්චන්, නීනා ගුප්තා රංගනයෙන් දායක වෙයි.