මෙවර ඔස්කා සම්මාන උළලේදී හොඳම චිත්රපටය වූ ‘කෝඩා’
සියාන් හෙඩර් අධ්යක්ෂණය කළ ‘කෝඩා’ චිත්රපටය මෙවර හොඳම චිත්රපටය බවට පත් විය. එහෙත්, උළෙල ආරම්භයේදී ‘කෝඩා’ චිත්රපටය කෙරෙහි අවධානයක් යොමු නොවු අතර, සිනමා විචාරකයන් පවා අනුමාන කළේ මෙවර හොඳම චිත්රපටයට හිමි සම්මානය ‘ඩොන්ට් ලුක් අප්’ හෝ ‘ද ෆවර් ඔෆ් ද ඩෝග්’ චිත්රපට දෙකෙන් එකක් හිමි කරගනු ඇති බවය.
හොඳම චිත්රපටය බවට සම්මාන දිනාගත් ‘කෝඩා’ චිත්රපටය මෙවර සම්මාන ත්රිත්වයක් සඳහා නිර්දේශ වී සිටි අතර, එම සම්මාන ත්රිත්වයම ඔවුන් විසින්ම දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක් විය. ‘කෝඩා’ පසුගිය වසරේ ජනවාරියේදී ප්රදර්ශනය වූ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වියදම් කරමින් මිලියන එකොළහක ආදායමක් උපයා ගන්නට සමත් විය.