මවුනි රෝයිගේ විවාහය දින දෙකකදී පැවැත්වූ හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි මවුනි රෝයිගේ විවාහය පසුගිය ජනවාරි 25 වැනිදා පැවැත්විය. ඒ ඇයගේ දිගුකාලින පෙම්වතා වූ සූරාජ් නම්බියාර් සමගිනි. කෙසේ වෙතත්, මුලින් මෙම විවාහය ජනවාරි 25 වැනිදා පමණක් පැවැත්වීමට සූදානම් කර තිබුණද ඉන්දියාව පුරා නැවතත් ‘කොවිඩ්’ රැල්ලක් ආරම්භ වි ඇති හෙයින් මෙය දින දෙකක් තුළ ආරාධිතයන් 50 දෙනෙකු බැගින් පවත්වන්නට මවුනි හා සුරාජ් තීරණය කර තිබුණි.

එමෙන්ම ඉන්දීය සෞඛ්‍ය බලධාරින්ගේ තිරණයකට අනුව මෙම උත්සවයට පැමිණෙන සියලු දෙනා සිය එන්නත් කාඩ්පත් රැගෙන ආයුතු බවද මවුනි පවසා තිබුණු අතර, කරන් ජෝහර්, ආක්ෂේ කුමාර්, එක්තා කපූර්, ඇදුම් නිර්මාණ ශිල්පි මනිෂ් මල්හෝත්‍රා ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසක් මෙම විවාහ මංගල්‍යයට සහභාගි වී තිබේ.