මලෙයිකා ගැබි ගත් කතාවේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර ගණනාවක් තිස්සේ පෙම්වතුන්ව දකින මලෙයිකා ආරෝරා හා අර්ජූන් කපූර් සම්බන්ධව දිනෙන් දිනම අලුත් පුවත් මතුවේ. මීට දින කිහිපයකට පෙර එක්තරා වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ මලෙයිකා නැවත වරක් ගැබි ගෙන ඇති බවය.

මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් මේ තොරතුර සඳහන් කර තිබුණේ මලෙයිකා හා ඇගේ පෙම්වතා වන අර්ජූන් කපූර් සතියකට පෙර නිවාඩුවක් ගත කිරිමට එංගලන්තයේ ලන්ඩන් නගරයට ගොස් සිටි අවස්ථාවේදී මෙය සිදු වී ඇති බවත් අර්ජූන් මෙන්ම මලෙයිකාද මේ පිළිබඳව සිය සමිපතමයින්ට පවසා ඇති බවත්ය.

කෙසේ වෙතත්, මලෙයිකා පවසන්නේ තමන් තවමත් දික්කසාද වූ ගැහැණියක් නිසාවෙන් සමහරෙකු තමන් දෙස වැරදි කෝණයකින් බලන බවය. මෙම ගැබිගත් පුවත ප්රවසිද්ධ වීමත් සමග අර්ජූන් කපූර්ද සිය සමාජ පිටු හරහා මෙම පුවතට දැඩි ලෙස විරෝදය පා තිබෙනුද දක්නට ලැබුණි.