මම්මූටි බිහිසුණු මැර චරිතයකට
මෙගාස්ටාර් මම්මූටිගේ ඉදිරියට තිරගත වීමට නියමිත නවතම මලයාලම් චිත්රපටයේ Bheeshma Parvamහි බොහෝදෙනා බලා සිටි පූර්ව ප්රචාරක පටය පසුගියදා YouTube වෙත නිකුත් කර තිබුණා. කුතුහලය දනවන මෙම පූර්ව ප්රචාරක පටය මම්මූටිගේ ප්රධාන චරිතය වන මයිකල්ගේ දර්ශනයක් පෙන්නුම් කරයි. මෙහිදී 1980 ගණන්වල බිහිසුණු මැරයෙක් වූ මයිකල්ගේ චරිතය මම්මූටි රඟපානු ලබනවා.
මීට අමතරව සෝබින් ශාහිර්, ශ්රිනාත් බාශි, ශයින් ටොම් චාකෝ, නාඩියා මොයිදු, අනසුයා බාරද්වාජ්, ලීනා, ෆර්හාන් ෆාසිල් ආදී තවත් බොහෝ දෙනෙක් මෙහි චරිත නිරූපණය කරනු ලබනවා. අමල් නීරද් විසින් අධ්යක්ෂණය කර නිෂ්පාදනය කර ඇති මෙම චිත්රපටය මාර්තු 3 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.