මම ෆීල්ඩ් එක අතෑරලත් එයාලා සමාව දුන් නෑ - නිල් ලෝකයේ කිරුළු පැළඳූ රැජිනගේ දුක්බර කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිල් චිත්‍රපට නිසාම ලොවක් වසඟයට ගත්ත මියා කලීෆා කියන්නෙ අදටත් නිල් චිත්‍රපට ලෝකයේ කිරුළු පළන් රැජිනක්. ඇයගේ ස්ථානය අතික්‍රමණය කරන්නට හෝ සම කරන්නට කිසිවෙකුටත් නොහැකි වීම අදටත් අභිරහසක්. ඇයටම අනන්‍ය වූ සුන්දරත්වයට හිමිකම් කියමින් නිල් චිත්‍රපට ලෝකයට ආවා වුණත්, ඇය රඟපා ඇත්තේ ඉතාමත් සීමිත නිල් චිත්‍රපට සංඛ්‍යාවක වීම විශේෂත්වයක්. අයිඑස් ත්‍රස්තයින්ගේ තර්ජන නිසාම නිල් චිත්‍රපට වලට නැවතීමේ තිත තැබූ ඇය අනතුරුව සූපවේදියෙකු සමඟ විවාහ ගිවිසගත්තා. (ආ... පස්සෙ ඒ සම්බන්ධෙටත් එයා තිත තිබ්බා)

මීට පෙර මෑතක සම්මුඛ සාකච්ඡාවකදී ඇය හෙළි කළේ ඇගේ පවුලේ අය සහ හිතවත් පිරිස් තමන් නිල් චිත්‍රපට අතහැරියට පසුව වුවද තමන්ව ගණනකට නොගත් බවයි. පසුගිය සමයේ ඇය ලියනාඩෝ ඩිකැප්‍රියෝ නළුවා සම්බන්ධයෙන් ට්විටර් හි අදහස් දක්වා තිබුණා.

“ලියෝ ගැහැණු ළමයින්ට වයස අවුරුදු 25 වන විට අතහරිනවා නොවෙයි. 47 හැවිරිදි පිරිමි ළමයෙකු සමඟ සිටීමට ඔවුන්ට අවශ්‍ය නැති බව අවුරුදු 25 සම්පූර්ණ වෙද්දි ඔවුන්ට වැටහෙනවා ඇති..“

මියා ට්විටර් සටහන් තුළ වැඩිපුර දකින්නට ලැබෙන චරිතයක් වූ අතර, ඇගේ හිටපු පෙම්වතෙක් බව කියන රැප් ගායක ජෙ කෝර්ටෙස්ට ද ඇය අපහාස කර තිබුණා.

“මානසිකව ඔහු සම්පූර්ණයෙන් මාව අතවරයට ලක් කළා..“