මනිෂ් මල්හෝත්‍රා චිත්‍රපට අධ්‍යක්ෂණයට
උතුරු ඉන්දියාවේ ජනප්‍රියතම ඇඳුම් නිර්මාණකරු ලෙස ප්‍රසිද්ධ මනිෂ් මල්හෝත්‍රා බොලිවුඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට සූදානම් වෙන බව වාර්තා වෙයි. පසුගියදා ඔහු සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා මේ බව ප්‍රසිද්ධ කර තිබුණි.
මනිෂ් තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරිමට බලාපොරොත්තු වන්නේ ඔහුගේ සමිපතමයෙකු වු කරන් ජෝහර්ගේ ‘ධර්ම්’ ප්‍රඩක්ෂන් ආයතනය හරහ බව දැන ගැනීමට ලැබේ. මනිෂ්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට බොහෝ සිනමා තරු සිය සුබපැතුම් එක්කොට තිබුණ අතර, කාජල්, කරිනා කපූර්, කත්‍රිනා, අනුෂ්කා වැනි සුපිරි නිළියන්ද ඒ අතර සිටිම විශේෂත්වයකි.