මන්දිරාගේ සැමියා රාජ්ගේ හදිසි අභාවය
හදිසියේ ඇති වූ හෘදයබාධයක් හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි මන්දිරා බෙඩිගේ සැමියා වූ චිත්‍රපට අධ්‍යක්ෂක රාජ් කෞශල්ය පසුගිය ජුනි 30 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට රාජ් සිය 49 වැනි විය ගෙවා දමමින් සිටියහ.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන රාජ් මිය යන විට බොලිවුඩ් චිත්‍රපට පහක් නිෂ්පාදනය කර තිබුණ බව සඳහන් වෙයි. මෙම හදිසි වියෝව ගැන පවසන සිනමා නිළි මන්දිරා, රාජ් තමන්ව මේතරම් ඉක්මණින් අත්හැර යාම දරා ගත නොහැකි බවය.