බෘස් ලීගේ ජිවිත කතාව පාදක් කරගත් චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'ලයිෆ් ඔෆ් පයි' සහ 'බ්‍රෝක්බැක් මවුන්ටන්' අධ්‍යක්ෂණය සඳහා ප්‍රසිද්ධ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂක ඇන්ග් ලී, චීන ඇමරිකානු සටන් කලාවේ පුරාවෘත්තයක් වන බෲස් ලී පිළිබඳ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වේ.

1973 දී වයස අවුරුදු 32 දී මිය ගිය බෲස් ලී, නළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු සහ සටන් කලා විශේෂඥයෙකු ලෙස කටයුතු කර තිබුණ අතර, ඒවා පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වෙන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයේ බෘස් ලිගේ චරිතය නිරූපණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක ඇන්ග් ලීගේ පුත් මේසන් ලීය.