බොලිවුඩයෙන්, හොලිවුඩයට යන මිළඟ නිළිය ආලියාද
ප්රියංකා චොප්රා, දිපීකා පදුකෝනිගෙන් පසුව හොලිවුඩ් වරම් දිනාගන්නා සුපිරි බොලිවුඩ් නිළිය බවට ආලිය භාට් මේ වනවිට පත්ව ඇත. ඇය ප්රකට හොලිවුඩ් චිත්රපට නිෂ්පාදක ආයතනයක් වූ ඇමෙරිකාවේ බේවර්හිල්ස්හි පිහිටා ඇති විලියම් මොරිස් එන්ඩෙවර් එන්ටර්ට්රේට්මන්ට් සමග ගිවිසුමකට එළැඹෙ ඇත.
මෙම ආයතනය සමග බෙන් ඇෆ්ලොක්, ජෙසිකා ඇල්බා, මැට් ඩැමෙන්, ක්රිස්ට්න් බෙල් වැනි හොලිවුඩ් සුපිරි තරු වැඩ කරන බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ආලියා දායක වෙන හොලිවුඩ් චිත්රපටයක් පිළිබඳව කිසිවක් මේ වනවිට එම චිත්රපට ආයතනය විසින් ප්රකාශයට පත් කර නොමැති බව සඳහන් වෙයි.