බොලිවුඩයේ අලුත්ම අම්මාට දසතින් සුබපැතුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ සුපිරි බොලිවුඩ් සිනමා නළු රන්බිර් කපුර් සමගින් විවාහ වූ සුරූපි සිනමා නිළි ආලියා භාට් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙයි. ආලියා මේ වනවිට සිය පළමු හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ප්‍රංශයේ පැරිස් නගරයට ගොස් සිටින අතර, ඇය එහිදි තම ගැබිණියක්ව සිටින බව ප්‍රසිද්ධ කර තිබේ.

මෙම සුබ ආරංචිය බොලිවුඩය පුරා විනාඩි කිහිපයක් ගෙවද්දි පැතිර ගිය අතර, එය දැනගත් බොහෝ බොලිවුඩ් සිනමා තරු ඇයට සුබපැතුම් එකතු කොට තිබුණි. විශේෂත්වය වන්නේ ලොවපුරා ‘වෝන්ඩර් වුමන්’ ලෙස ආදරය දිනා සිටින ගාල් ගැටොඩ්ද ආලියා වෙනුවෙන් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අපුර්ව සුබපැතුමක් එකතු කොට තිබීමය. වෛද්‍ය පරික්ෂණවලින් පසුව ආලියාට සිය කුළුඳුල් දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයේ බව සඳහන් වෙයි.