බොලිවුඩයේ අංක එකට ආ කත්‍රිනා කයිෆ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සිටින අංක එකේ නිළිය  බවට මෑතකදී විවාහය දිවියට එළැඹි කත්‍රිනා කයිෆ් නම් කර තිබෙන බව සඳහන් වෙයි. ප්‍රකට බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන කොයි මෝයි වෙබ් අඩවිය මෙසේ කත්‍රිනා බොලිවුඩයේ අංක එකේ නිළිය බවට නම් කර තිබේ.

සිනමා විචාරකයින් පවසන්නේ අයිශ්වර්යා සිනමාවට තාවකාලිව සමුදීමත් දිපීකා වැඩි චිත්‍රපට ප්‍රමාණයක දකින්නට නොලැබිමත් හරහා කත්‍රිනා අංක එකට පැමිණිමට හේතුව වූ බවය. එමෙන්ම කත්‍රිනා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපට හයක් පිට පිට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වීමද ඇයව මෙසේ අංක එකට නම් කිරිමට හේතුව වී ඇත.