බොලිවුඩ් නිළි බිපාෂා බාසූ මවක් වීම ප්‍රසිද්ධ කරයි
2016 වසරේ සිනමා හා උතුරු ඉන්දීය ටෙලි නාට්‍යය නළු කරන් සිං ගෝවර් සමගින් විවාහ වූ සුරූපි බොලිවුඩ් සිනමා නිළි බිපාෂා බාසූ සිය මවක් වීම මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කරනු ලැබීය. අවස්ථා කිහිපයකදීම මවක් වෙන බවට කට කතා විවිධ මාධ්‍යයන් ඔස්සේ පැතිර ගියද ඒවා සියල්ලම කට කතාවකට පමණක් සීමා විය.
බිපාෂා තමන් මවක් වන බවට ප්‍රසිද්ධ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර සිය සැමියා වූ කරන් සිං ගෝවර් සමගින් ගත් අලුත්ම ඡායාරූප කිහිපයක්ද නිකුත් කරමින් වීම විශේෂත්වයකි. බිපාෂා සඳහන් කරන අන්දමට තමන් මේ වනවිටත් මාස පහක ගැබිණි මවක් වී ඇති බවය.