බොලිවුඩ් චිත්රපට තුනක් ගැන දුක් වෙන රාණි මුඛර්ජි
2000 දශකයේ සිනමා නිළියක් ලෙස අතිශය ජනප්රිය වූ රාණි මුඛර්ජි තමාට ලැබුණ සුපිරි චිත්රපට ත්රිත්වයක් ප්රතික්ෂේප කිරිම සම්බන්ධව අද වන විට දුක්වෙන බව මැතකදී එක්වූ ඉන්දියන් ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවකදි පවසා ඇත.
ඇය පවසන්නේ තමාට අමිර්ගේ ‘ලගාන්’ චිත්රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණද තම පෞද්ගලික හේතුවක් මත එය ප්රතික්ෂේප කළ බව ඇය මෙහිදි පවසා ඇත. ‘ලගාන්’ යනු ඔස්කා සම්මාන උළලේද හොඳම විදෙස් චිත්රපටය සඳහා නිර්දේශ වූ චිත්රපටයක්ද විය. ඊට අමතරව සංජය දත්ගේ මුන්නාබායි එම්බිබිඑස් මෙන්ම අක්ෂේ කුමාර්ගේ බුල්බාලියා චිත්රපට සඳහාද තමාට එක්වීමට ආරාධනා ලැබුණ බව පවසා තිබුණි.