බිලියනයක් උපයාගන්නට මාන බලන ‘ජුරාසික් වර්ල්ඩ්’ අලුත් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ මෙන්ම 2018 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ් - ෆැලන් කිංඩම්’ චිත්‍රපට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයාගත් නිසාම ජුනි මාසයේ ප්‍රදර්ශනය වන ‘ජුරාසික් වර්ල්ඩ්  ඩොමිනියන්’ චිත්‍රපටයද එවැනි ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි අනුමාන කළ හැකිය.

ජුනි 10 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වන මෙම චිත්‍රපටය කිහිප වරක් සිය ප්‍රදර්ශන දිනය අවලංගු කිරිමට කටයුතු කර තිබුණේ ලොවපුරා ඇති වූ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය දරුණු අතට හැරිම හේතුවෙනි. කෙසේ වෙතත්, මෙම ‘ජුරාසික් වර්ල්ඩ් ඩොම්නියන්’ චිත්‍රපටය 2020 වසරේදී සියලු වැඩ නිමා කර තිබුණ චිත්‍රපටයකි.