‘බ්‍රහ්මාස්ත්‍රා’ වැඩි ආදායමක් උපයා ගැනීමට ෂාරුක්ගේ පැමිණිම හේතුවක් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගන්නට අයන් මුඛර්ජිගේ ‘බ්‍රහ්මාස්ත්‍රා’ චිත්‍රපටය මේ වනවිට සමත්ව ඇත. එමෙන්ම කෝටි 400ක් වැනි අති දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය සාර්ථක වේද එසෙත් නැත්නම් අසාර්ථක වේද යන්න තමන් තුළ දැඩි කුතුහලයක් තිබුණ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයා මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදි පවසා ඇත.

එහෙත්, ෂාරුක්ගේ නැවත පැමිණිම හරහා මෙම චිත්‍රපටය හිතුවාටත් වඩ ඉහළ සාර්ථකත්වයක් ලබන්නට හේතු වු බව අයන් මුඛර්ජි පවසා තිබුණ අතර, දැන් ප්‍රේක්ෂකයින් ඔහුව ඉදිරි ‘බ්‍රහ්මාස්ත්‍රා’ චිත්‍රපට සඳහාද සම්බන්ධ කරගන්නා ලෙසට තමන්ට මේ වනවිටත් ඉල්ලිම් කරමින් සිටින බවද ඔහු මෙහිදි පවසා තිබුණි.