බිපාෂා බාසූ පළමු දරුවා දේවිගේ ඡායාරූප නිකුත් කරයි

  • 17-05-2023
  • Views 80

මීට මාස කිහිපයකට පෙර බිපාෂා බාසූ හා කරන් සිං ග්‍රෝවර්ට දාව ලැබුණ දේවිගේ ඡායාරූප මේ වනවිට සිය සමාජ පිටු හරහා අන්තර්ජාලයට බිපාෂා විසින් මුදාහැර තිබේ. දේවිගේ ඡායාරූපයට ඇය විසින් , "Hello world . I am Devi" කෙටි සටහනක්ද තබා තිබුණි.

බිපාෂා බාසු දේවිගේ ඡායාරූප දෙකක් ඇගේ සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන ඇති අතර, දේවි  රෝස පැහැති ඇඳුමකින් සැරසි  අපුරු සිනහාවක් සමගින් එක් ඡායාරූපයක පෙනී සිටියි. බිපාෂා පවසන්නේ දේවිව මින් ඉදිරියට නිතරම සමාජ පිටු අතරේ දකින්නට හැකි බවය.