බොනි කපූර්ගේ බොලිවුඩයට අලුත් තරුවක් හඳුන්වා දෙයි
දැනට ඉන්දීය රුපියල් කෝටි 250කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අජිත් කුමාර්ගේ ‘වලිමාලි’ චිත්රපටය නිෂ්පාදනය කළ බොනි කපූර් මේ වනවිට සිය අලුත්ම චිත්රපට නිෂ්පාදනය ගැන තොරතුරු පළ කර තිබේ.
වාර්තාවන අන්දමට බොනි සිය අලුත්ම චිත්රපටය හරහා නවකයෙකු බොලිවුඩ් සිනමාවට හඳුන්වා දීමට සූදානමින් සිටින අතර, ඒ ඔහුගේම දියණියක් වන අනුෂ්ලා කපූර්ය. අනුෂ්ලා යනු අර්ජූන් කපූර්ගේ නැඟණිය වන අතර, බොනි කපූර්ගේ පළමු විවාහයේ දියණියක්ද වෙයි.