බොනි කපූර් කරපු වැඩේ හරිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස ප්‍රසිද්ධ බොනි කපූර් (මිය ගිය ශ්‍රී දේවිගේ සැමියා) සිය අලුත්ම චිත්‍රපටය දින නියමයක් නොමැතිව ප්‍රදර්ශනය කිරිම කල් යවා තිබේ. බොනි විසින් නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය වන්නේ දකුණු ඉන්දීය සුපිරි තරුවක් වූ අජිත් කුමාර් රංගනයෙන් දායක වන ‘වලිමායි’ චිත්‍රපටයයි.

බොනි පවසන්නේ ඉන්දියාව තුළ මේ වනවිට වර්ධනය වෙමින් පවතින අලුත්ම කොවිඩ් රැල්ල නිසාවෙන් තමා මෙම තිරණය ගත් බවය. මෙම චිත්‍රපටය මුලින්ම තිරගත කරන්නට සූදානම් කර තිබුණේ රාජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ දිනයේදීය.